මම හිතනවා මම කට වහගෙන හිටිය ඇති කියලා... හිතේ දේවල් එලියට නොදා හිටියත් ඇති කියලා... ලියන්න හිත හයිය තියන වෙලාවෙ මේක නොලියුවොත් මම මහීට ලොකු ආසාධාරණයක් කරනවා වෙන්න ඕනෙ.
මම ලියන විදිය හැමදාම එක වගෙ වෙන එකක් නෑ. අද ලියන භාෂාවෙන්.. හෙට කියන භාෂාවෙන්... අනිද්දා ඇඬෙන භාෂාවෙන් වුනත් වෙන්නට පුලුවන්.. ඒත් ලියන්නෙ එකම කතාව . මුල මැද අග ගලපන්න මම කොහෙත්ම උත්සහ කරන එකක් නැහැ. හිතෙන හැම සිදුවීමම එලියට ඒවි... නොහිතෙන ඒවා හිත ඇතුලෙම මියෑදේවි... කමක් නෑ... හිතට හිතෙන ඕනෙ එකක්....
මහී කියන්නෙ කෙල්ලක්. කොටින්ම ඇගේ නම මහි විතරක් නෙමෙයි මහීමා... නමටම සරිලන පොලොවට තියෙන ආදරේකුයි ලොකු ඇස් දෙකකුයි දුටුවන් හිත ඇදෙන අපූරු පන්ඩිත කතා විලාසෙකුයි තිබ්බ මහිමා රූපසුන්දරියක් නම් නෙමෙයි. ඒ මහිමට හිතුනු හැටි. ඒත් හුඟ දෙනා මහීමගෙ ලස්සන ගැනත් ඒ ගැන ඈ නොදන්න එක ගැනත් නිතර කතා කලා කියල මහිම දැනගෙන සිටියෙ නැහැනෙ...
මහී කියන්නෙ පුදුම කෙල්ලෙක්... හැම ගතිගුණේම දෙපැත්තම එකට පිහිටපු අපූරු ඉස්තිරියාවක්...
එකක් කියන්නම් ඔය ගතියට උදාහරනෙට... මේකි මාර ස්වීට්. හුරතල් කියන්නෙ උපරිමය... ආදරේ වෑහෙනවා.. අම්මේ ඒකටත් එක්කම තරහ ගියාම.. කෙලින්ම යක්සනී... උපන් යකින්නි...ඇස් දිහා බලන්නවත් බෑ...
ඔන්න පේනව නේද ඉතින්.... ???? බලමුකො මහී කරගන්න හදන දේවල්.... ඔයාලටත් හොඳ පාඩම් මේවා....
හෙට ඉඳන් එහෙනම් මහීගෙ ජීවිත කතාව එහෙන් මෙහෙන් කියවමු එහෙනන්....
No comments:
Post a Comment